ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව විශ්වාසභංගයක්.

Wednesday, 20 February 2013 - 18:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඊයේ අදාළ යෝජනාව භාරදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින්. ඊට ජෝෂප් මයිකල් පෙරේරා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, චම්පිකා ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු අත්සන් කර තිබෙනවා.

අමාත්‍ය ඩිලාන් පෙරේරාට එරෙහි විශ්වාසභංගය පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා.

 
[MP3]s53782_1[/MP3]                                   

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී සිටි රිසානා නෆීක්ට ජනවාරි 9 වැනිදා පෙරවරුවේ එම ද`ඩුවම ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසුව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශයක් සිදුකළා.


[MP3]s53782_2[/MP3]