එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ පුත්‍රයෙකු වන බාලචන්ද්‍රන්ගේ මරණය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව රජය ප්‍රකාශ කරනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජිිනීවා මානව හිමිකම් සමුළුව ආසන්නවත්ම බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මෙවැනි අසත්‍ය වාර්තා නිකුත් කරන බවයි. ඔවුන් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති නෝ වෝ සෝන් - ද කිලින් ෆීල්ඞ් ඔෆ් ශ්‍රී ලංකා වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ නිර්මාණය කළ එකක් බව ද රජය කියා සිටියා.
මේ අතර චැනල් ෆෝ නාළිකාව විසින් මේ වනවිට ආරක්ෂක අංශ වෙත එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය සඳහන් කළේ.
[MP3]s53783_1[/MP3]
ජගත් මානව හිමිකම් කවුන්සිලය සහ ඒ පිළිබඳ පළවන අදහස් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය අවධානය යොමු කළා.
[MP3]s53783_2[/MP3]