මියන්මාර ජාතිකයන් 38 දෙනාගේ ප්‍රශ්නය එරට රජය වෙත.

Thursday, 21 February 2013 - 12:58

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+38+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.

නැගෙනහිර මුහුදේ අනතුරුදායක ලෙස අතරමංව සිටියදී මුදාගත් මියන්මාර ජාතිකයන් පිරිස සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව මියන්මාර රජය සමග සාකච්ඡා කරමින් සිටින බව ආගමන - විගමන පාලක චූලානන්ද පෙරේරා ප්‍රකාශ කළා. දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව මොවුන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් තීරණය කරන බවයි ආගමන විගමන පාලකවරයා පැවසුවේ. මෙම මියන්මාර් ජාතිකයන් පිරිස නැවත සිය රටට යාම ප්‍රතික්ෂේප කර ඇති බවට පසුගියදා වාර්තාවුණා. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරන ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා.

 
[MP3]s53829[/MP3]

 

පසුගිය 17 වැනිදා නාවික හමුදාව විසින් මුදාගත් මෙම මියන්මාර ජාතිකයන් 38 දෙනා මියන්මාර බංග්ලාදේශ දේශ සීමාවේ පදිංචිකරුවන් බවටයි හෙළිවුණේ. ඔවුන්ගෙන් තිස් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර සුව අතට හැරුණු පිරිස මේ වනවිට විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටිනවා.