මාතර වෛද්‍යවරුන්ගේ අකුරට වැඩ රටපුරා ව්‍යාප්ත වන ලකුණු.

Thursday, 21 February 2013 - 13:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

මාතර මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් මේ වනවිට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී දිවයින පුරා සියලූ රෝහල්වල ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ පස්වරුවේ සිට මාතර මහ රෝහලේ ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පරීක්ෂා කරන රෝගීන් ප්‍රමාණය සීමා කිරීමේ හා සිදුකරන සැත්කම් ප්‍රමාණය සීමා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කලා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අර්ථකථනය කළේ වෛද්‍ය සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා සිය සංගමය විසින් ආරම්භ කළ ක්‍රියාමාර්ගයක් බවටයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත්.

 

[MP3]s53830_1[/MP3]

 

කෙසේ වුවත් නීති ශිෂ්‍යාවගේ අතක් සැත්කමකින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කළේ සෞඛ්‍ය බලධාරින් වශයෙන් ඒ සඳහා පිළිතුරු ලබාදීමේ වගකීම ඉටුකිරීම සඳහා බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පවසනවා. මෙවැනි සිද්ධීන් හේතු ලෙස යොදාගනිමින් වෘත්තීය ගරුත්වයට හානිවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

 

[MP3]s53830_2[/MP3]

 

 

 

නීති පීඨ ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනීගේ සිද්ධියත් සමග වෘත්තිමය නොසැළකිලිමත්කම පිළිබඳව ද සමාජය තුළ කතාබහක් ඇතිවුණා. වෛද්‍යවරුන් සහ නීතීඥවරුන්ගේ වෘත්තීය නොසැළකිලිමත් කම පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට නීති පීඨ ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බව ද පසුගියදා වාර්තාවුණා. ඒ පිළිබඳ අදහස් දැක්වූ  එම ශිෂ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ජයන්ත දෙහිඅත්තගේ.

 

[MP3]s53830_3[/MP3]                                       

 

වෘත්තීන්හි පවතින සැළකිලිමත්කම පිළිබඳව සමීක්ෂණ සිදුකර නව ක්‍රමවේද සකස් කරගැනීම යහපත් කරුණක් බව ජාතික විද්වත් වෘත්තික සංසදය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති මහාචාර්ය චන්දන අබේරත්න.

 
[MP3]s53830_4[/MP3]