මෙරට සිටින විදෙස් තානාපතිවරු විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි.

Thursday, 21 February 2013 - 13:02

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ මෙරට සිටින විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද දහවල් පැවැත්වෙනවා. විදේශ අමාත්‍යාංශයේ  සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොඞ්නි පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදේශ අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ විශේෂයෙන් එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී විදේශ අමාත්‍යවරයා විදෙස් රාජ තාන්ත්‍රිකයින් දැනුවත් කෙරෙනු ඇති. ඊට අමතරව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන්ද විදේශ අමාත්‍යවරයා විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි රොඞ්නි පෙරේරා කියා සිටියේ.