සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවෙන් හලාල් අර්බුදයට විසඳුමක්.

Thursday, 21 February 2013 - 13:05

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

හලාල් සහතිකය ලබාගෙන ඇති ආයතන මුස්ලිම්වරුන්ට පමණක් විකිණීමට ඇති භාණ්ඩ සඳහා සීමා කරන්නැයි සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව ඉල්ලීමක් කරනවා. ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේ හලාල් සහතිකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විසඳුමක් ලෙසයි. ඒ අනුව ඉස්ලාම් නොවන ආගමිකයන්ට එම භාණ්ඩ විකිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ. කොලඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර්.

 

[MP3]s53832_1[/MP3]

 

 

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මෙම යෝජනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් විමසීමක් කළා. ඊට උන්වහන්සේ ලබාදුන් ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s53832_2[/MP3]
 
මේ අතර හලාල් සහතිකය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර ඇති පාර්ලිමේන්තු කමිටුව අද රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන එම කමිටුවට කරුණු දැක්වීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින්ට මෙන්ම බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින්ටද ආරාධනා කර ඇති බවයි වාර්තාවන්නේ.