මොලේ උණ, මිනිසුන්ට - එන්නත ඌරන්ට.

Thursday, 21 February 2013 - 19:07

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+-+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%8C%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7.

රත්නපුර දිස්ත්‍රික්කයේ මොලේ උණ හෙවත් ජැපනීස් එන්සෙපලයිටීස් රෝගය පැතිරයාමේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 10 ට අඩු ළමයින් 60,000 කට ජැපනීස් එන්සෙපලයිටීස් එන්නත ලබාදී ඇති බවයි. පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කය තුළ මොලේ උණ රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර, එයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද මොලේ උණ රෝගය වැළඳුණු රෝගීන් තුන් දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මෙම රෝගී තත්ත්වය පතුරුවලන මුල් රෝග කාරකයා වන්නේ ඌරන්. ඉන් අනතුරුව මදුරුවන් හරහා මෙය මිනිසුන්ට බෝවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කෙසේ වෙතත්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඌරන්ටද එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද අදහස් පළ කළ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර.

[MP3]s53849_1[/MP3]

කෙසේ වෙතත්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ. ද සිල්වා ප්‍රකාශ කළේ ඌරු මස් අනුභව කිරීමෙන් රෝගය වැළඳීම සිදු නොවන බවයි.
 
[MP3]s53849_2[/MP3]