ශ්‍රී ලංකා ප්‍රශ්නයෙන් ඉන්දීය ජනපතිගේ පළමු කතාවට බාධා.

Thursday, 21 February 2013 - 20:00

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.

ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජිගේ එරට පාර්ලිමේන්තුවේ සිදුකළ පළමු කතාවේදීම   ශ්‍රී ලංකාවේ ගැටළු පිළිබඳ ප්‍රශ්න මතුකරමින් තමිල්නාඩු මන්ත්‍රීවරුන් පිරිසක් බාධා එල්ල කළා. ඒ, තමිල්නාඩුවේ කරුණානිධිගේ ඞී.එම්.කේ. සහ ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂවල මන්ත්‍රීවරුන්.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ගැටළු ඇතැයි පවසමින් මෙම බාධා කිරීම් එල්ල කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා යනුවෙන් හැඳින්වෙන බාලචන්ද්‍රන් සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව එළිදැක්වූ තහවුරු නොකළ ඡායාරූප සම්බන්ධයෙන්ද මෙම තමිල්නාඩු මන්ත්‍රීවරුන් විවිධ ප්‍රකාශයන් සිදුකර තිබෙනවා. කෙසේ වෙතත්, ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි එම බාධා නොතකා සිය මංගල කතාව අඛණ්ඩව සිදුකළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාමකාමීව සහ අයිතීන් රැකෙන පරිදි ජීවත්වීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතු බවයි. මෙරට පුනරුත්ථාපන සහ නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන්ද ඉන්දියාව යම් සහභාගීත්වයක් දැක්වූ බවද ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කළා.