ඉන්දියාවට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්.

Friday, 22 February 2013 - 8:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 78 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත්තේ නගරයේ සිනමාහලක්, අවන්හලක් සහ බස් නැවතුම්පොලක් කේන්ද්‍ර කරගෙනයි. විනාඩි 5 ක කාලයක් ඇතුළත පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. මේ අතර, ඊයේ රාත්‍රිය වනතුරුම, තවත් බෝම්බ එහි ඇත්දැයි සෙවීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කළා. මේ අතර, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සුරේෂ් කුමාර් සඳහන් කළේ ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තු සේවා වාර්තා ලැබී තිබූ බවයි.