ශ්‍රී ලංකාවට එරෙහි නෝ ෆයර් සෝන් අද ඉන්දියාවේ ප්‍රදර්ශනයට.

Friday, 22 February 2013 - 13:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%9D+%E0%B7%86%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.

චැනල් ෆෝ නාළිකාව විසින් නිෂ්පාදිත නෝ ෆයර් සෝන් චිත්‍රපටය අද (22) ඉන්දියාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නවදිල්ලි නුවර ව්‍යවස්ථාදායක සංගම් මූලස්ථානයේදී මෙම චිත්‍රපටය විනාඩි 20 ක කාලයක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. එම අවස්ථාවට ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ආරාධනා කර තිබෙනවා. පස්වරු 4.30 ට චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සාකච්ජා වටයක්ද පැවැත්වෙනු ඇති. මෙම අවස්ථාවට චැනල් ෆෝ නාළිකාවේ අධ්‍යක්ෂ කැලම් මැට්රේට් සහභාගී වන බව සඳහන්. ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර මෙම චිත්‍රපටයේ කොටසක් ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම එම මානව හිමිකම් සමුළුවට කරන බලපෑමක් බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළේ මෙම ඡායාරූප පෙළ සත්‍ය ඒවාද යන්න පිළිබඳව සහතික කළ නොහැකි බවයි. එමෙන්ම, කට කතාවලට ප්‍රතිචාර දැක්විය නොහැකි බවද සඳහන් කළ ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වැදගත් අසල්වැසි මිත්‍රයෙකු බවද අවධාරණය කළා. එහෙත් චැනල් ෆෝ නව වීඩියෝ පටය පිළිබඳව අදහස් දක්වමින් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙසද ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ යුද්ධය පැවති සමයේ සිට මෙවැනි බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වූ බවයි.

[MP3]s53892[/MP3]