ජීනිවා යන දූත පිරිසේ නායකත්වය ඇමති මහින්දට.

Friday, 22 February 2013 - 13:09

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7.

ජීනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙයවීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහ පත්කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) රාත්‍රියේ මෙම පත්කිරීම සිදුකර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ලබන 25 වැනිදා ආරම්භ වන ජීනිවා මානව හිමිකම් සමුළුව ලබන මාර්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාවට එරෙහි තවත් යෝජනාවක් ඇමරිකාව විසින් ගෙන එන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. එමෙන්ම ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක්ද මෙවර සමුළුවට ඉදිරිපත් කරනවා. ජීනිවා සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ ලබන 27 වැනි බදාදා ජීනිවා වේලාවෙන් උදෑසන 11.50 ට, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.20 ට සමුළුව ඇමතීමට නියමිතයි.