හලාල් සහතිකයේ වගකීම වෙළඳ සමාගම් වෙත.

Friday, 22 February 2013 - 18:37

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.

හලාල් සහතිකය සහිතව සහ රහිතව එකම භාණ්ඩය දෙයාකාරයෙන් වෙළඳපොළට නිකුත් නිකුත් කිරීමේ හැකියාවක් නැතැයි ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා. හලාල් සහතිකය සම්බන්ධයෙන් සමාජයම කතාබහ කරන මොහොතක සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය කොළඹ දී ඊයේ (21) මාධ්‍ය හමුවක් පවත්වමින් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේ මෙම සහතිකය දෙයාකාරයකින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.

 

එහෙත් ජාතික හෙල උරුමයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ දී අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට ප්‍රතිචාර දක්වා සිටියා. අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ හලාල් සහතිකය ව්‍යාපාරික ආයතන වෙත නිකුත් කර ඇති ආකාරය විශ්ලේෂණය කිරීමේ දී හලාල් සහතිකය සහිතව සහ රහිතව එකම භාණ්ඩය දෙයාකාරයෙන් වෙළදපොළට නිකුත් කළ නොහැකි බවයි.

 

[MP3]s53911_1[/MP3]                                                                                  

 

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ මෙම ප්‍රකාශය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියේ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ නියෝජ්‍ය කළමනාකාර නෆීස් නිසාම්ගෙන්. ඔහු කියා සිටියේ දැන් අදාළ සහතිකය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ව්‍යාපාරික ආයතන බවයි.

 
[MP3]s53911_2[/MP3]