ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන ආගම් 4ක වාසස්ථානයක්. - ජනපති.

Saturday, 23 February 2013 - 7:36

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+4%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන ආගම් සතරකට සංහිඳියාවෙන් විසීමට හැකි වාසස්ථානයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ත්‍රස්තවාදය පරාජය කිරීමේ කටුක සටනින් පසු ජාතීන් නැවත ගොඩ නැංවීමේ මාර්ගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වී සිටිනවා. ජාතිය ගොඩනැංවීමේ ව්‍යායාමයේ දී විවිධ ජන වර්ග සහ වෙනස් ආගමික විශ්වාසයන් අනුගමනය කරන පුද්ගලයන් අතර සාමය සහ අවබෝධය ඇතිකරලීම සහතික කළ යුතුයි. එමෙන්ම මෙරට අභිමානවත් ශිෂ්ඨාචාරය ආරක්ෂා කිරීමට රජය බැදී සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේ රිස්කෝ 2013 බාලදක්ෂ එකමුතුවෙහි සමාප්ති උත්සවයට මහනුවර බෝගම්බර පිටියේ දී ඊයේ (22) පස්වරුවේ එක්වෙමින්. ශ්‍රී ලංකාවේ සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහ රටවල් 30ක් නියෝජනය කරමින් බාලදක්ෂකයන් සහ බාලදක්ෂිකාවන් 5000ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියා.

 
ජනතාවට සේවය කිරීමට නම් පළමුව මානව හිතවාදියෙකු විය යුතුයි. වෘත්තීය අවශ්‍යතාවයට හෝ මානව හිමිකම් ව්‍යාපාරයක සිටි පමණින් කෙනෙකු මානව හිතවාදියෙකු වන්නේ නැහැ. මානව හිතවාදියාට ජාතියක්, ආගමක් හෝ පන්ති භේදයක් තිබිය නොහැකි සේම බලවත් හෝ දුබල යැයි භේදයක් ද නොතිබිය යුතු බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ.