මන්මෝහන් සිං තමිල්නාඩු නායකයින් හමුවේ.

Saturday, 23 February 2013 - 7:36

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ලබාදී ඇති පොරොන්දුව වෙනුවෙන් කිසිවක් හිලව් කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං පවසනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට ද බලය බෙදා හැරෙන 13 වන සංශෝධනය ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නවදිල්ලි නුවර දී ඊයේ (22) හමුවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවට තමිල්නාඩු කොංග්‍රස් පක්ෂ නියෝජිතයන් එක්වූ අතර කඩලූර් ප්‍රදේශය නියෝජනය කරන කේ. අලගිරි මන්ත්‍රීවරයා එහි නායකත්වය දරා තිබෙනවා. එහිදී ඔවුන් අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගෙන් ඉල්ලා ඇත්තේ ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන ඇමරිකානු යෝජනාවට පක්ෂපාතී වන ලෙසයි. එහිදී ඉන්දියාව ද බටහිර රටවල් සමග එක්ව ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව ඔවුන් කියා සිටියා. ශ්‍රී ලංකාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරලීම සඳහා එය වැදගත් වන බව තමිල්නාඩු මන්ත්‍රීවරුන්ගේ අදහසයි.