ශ්‍රී ලංකාව ගැන ජපානයෙන් ජගත් සංවිධානයට සහතිකයක්.

Saturday, 23 February 2013 - 7:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජපාන නිත්‍ය නියෝජිත සුනියෝ නිෂිඩා මහලේකම් බෑන් කී මූන් වෙත ඊයේ (22) ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජගත් ප්‍රජාවට වැදගත් රටක් ලෙසයි ජපානය එහිදී ප්‍රකාශ කර ඇත්තේ. එම වාර්තාවේ ඇතුළත් කරුණු සියල්ල ප්‍රකාශයට පත් නොකෙරුණු නමුදු එය ශ්‍රී ලංකාවට සුබවාදී වාර්තාවක් බව පසුව ඇති වූ ක්‍රියාමාර්ගවලින් පැහැදිලි වුණා. වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීම සඳහා මහලේකම් බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන ඇතුළු රාජතාන්ත්‍රිකයන් මුණ ගැසී තිබෙනවා. බංග්ලාදේශය, රුමේනියාව සහ නයිජීරියාව යන රටවල නිත්‍ය නියෝජිතයන් ද එම සාකච්ඡාවට එක්ව සිටියා. වාර්තාවේ අඩංගු කරුණු පිළිබද සලකුණු කරමින්, ජගත් සංවිධානයේ සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදී ඉනර්සිටි ප්‍රෙස් වෙබ් අඩවිය සදහන් කළේ එය ශ්‍රී ලංකාව පිළිබද ලෝක ප්‍රජාවේ ඇස් පිස දැමීමක් වැනි යැයි ඔහු පිළිගත් බවයි. ජිනිවා මානව හිමිකම් සැසි වාරය ආසන්නයේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සදහන් කළා. කෙසේ නමුත් ජපානය ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ මෙම වාර්තාව ශ්‍රී ලංකාවට ජිනිවා මානව හිමිකම් සැසියේ දී සුබවාදී සාධකයක් වනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.