ශ්‍රී ලංකා නාවික හමුදාවට UNHCR ප්‍රසාදය.

Saturday, 23 February 2013 - 13:26

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+UNHCR+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.

මියන්මාර සරණාගතයන් මුදාගෙන කඩිනම් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රසාදය පළකර තිබෙනවා. නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදේදී පසුගිය සෙනසුරාදා මියන්මාර ජාතික සංක්‍රමණිකයන් 32 කු බේරාගත් අතර, ඊට පෙර මේ මස මුලදී මියන්මාර ජාතිකයන් තවත් 138 දෙනෙකු බේරාගනු ලැබුවා. ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ජගත් සරණාගත කොමිසමේ ප්‍රකාශක ආන්ඩෙ‍්‍රජ් මෙකික් ප්‍රකාශ කළේ ඉන්දීය සාගරය සිය රටවලින් පලායන සංක්‍රමණිකයන්ට මාරාන්තික ප්‍රදේශයක් වී ඇති බවයි.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ මියන්මාර යාත්‍රාවේ සිටි තවත් 98 දෙනෙකු ඊට පෙර මියගොස් සිටි බව හෙළිදරව් වුණා. නාවික හමුදාව පෙබරවාරි 2 වැනිදා බංග්ලාදේශ ජාතිකයන් 127 දෙනෙකු සහ මියන්මාර ජාතිකයන් 11 දෙනෙකු බේරාගත්තේ දින 10 ක් තිස්සේ මුහුදේ අතරමංව සිටියදියි. ඇතැම් රටවල් නීතිවිරෝධී සරණාගතයන් එළවා දමද්දී ඔවුන්ට දේශ සීමා විවෘත කර දෙන ලෙස ජගත් සරණාගත කොමිසම සියළු රටවලින් ඉල්ලීමක් කළා.