සිරියානු කැරලිකරුවන්ගෙන් අන්තර්වාර රජයක්.

Saturday, 23 February 2013 - 19:32

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



තම පාලනය යටතේ පවතින ප්‍රදේශ ආවරණය කරමින් අන්තර්වාර රජයක් පිහිටුවීමට සිරියානු කැරලිකරුවන් සූදානම් වනවා. අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන මෙම අන්තර්වාර රජය පිළිබඳව වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට ලබන මස 2 වැනිදා ඔවුන් තුර්කියට රැස්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ. මේ අතර, රුසියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රධානත්වයෙන් ඉතාලියේදී ආරම්භ වීමට නියමිතව  තිබූ සිරියාවේ මිතුරන් නමැති සංවිධානයේ සාකච්ඡාවලින් ඉවත් වීමට සිරියාවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායමක් වන සිරියානු ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ ඇලෙප්පො නුවරට පසුගියදා, සිරියානු රජයේ හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මියයාම සහ එය හෙළා දැකීමට අන්තර් ජාතික ප්‍රජාව ප්‍රමාණාත්මක මැදිහත්වීමක් සිදුනොකළ බව පවසමින්.  සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ඉවත් වන ලෙසට බලකරමින් පසුගිය වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 70,000 ක් පමණ මියගොස් තිබෙනවා.