ඩෙක්ස්ට්‍රොමේතොෆන් රසායනිකය අඩංගු ඖෂධ අලෙවිය නවතියි.

Saturday, 23 February 2013 - 18:56

%E0%B6%A9%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%9A%E0%B6%AD%E0%B7%9C%E0%B7%86%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92.


කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ගවල බහුලව අඩංගු වන ඩෙක්ස්ට්‍රොමේතොෆන් නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු සියලූම ඖෂධ අලෙවිය තාවකාලිකව තහනම් කිරීමට ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය තීරණය කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. මෙම රසායනිකය අඩංගු සිරප් වර්ග භාවිත කිරීම නිසා පසුගියදා පාකිස්ථානයේ ලාහෝර් හා ගුජරන්වාලා ප්‍රදේශවල පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයටද පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව, මෙම ඩෙක්ස්ට්‍රොමේතොෆන් නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු සියලූම ඖෂධ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බවයි ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම කියා සිටියේ.

[MP3]s53987[/MP3]