සංවර්ධන සැලසුම් රටේ අනාගතය වෙනුවෙන් - ජනපති.

Saturday, 23 February 2013 - 19:00

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ත්‍රස්තවාදය හේතුවෙන් අඩපණ වූ උතුරු නැගෙනහිර පළාත් ඇතුළු සමස්ත රටටම වේගවත් සංවර්ධනයක් ලබාදීමට රජයට හැකිවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, මහනුවර - පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකළ මධ්‍යම පළාත් සභා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රජය සංවර්ධන සැලසුම් සකස් කරන්නේ රටේ අනාගතය ඉලක්ක කරගනිමින් බවයි.


[MP3]s53988[/MP3]

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවර ප්‍රදේශයට පැමිණි අතර, එම ප්‍රදේශයේ සිදුකරන සංවර්ධන කටයුතු නිරීක්ෂණයට ලක්කළා. එමෙන්ම, අද උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් දළඳා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා, ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් මුණ ගැසී ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ.   

මේ අතර, මහනුවර පොලිසිය නිල නිවසක් ලෙස භාවිතා කළ ගොඩනැගිල්ල යළිත් මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයට අද (23) පවරා දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.