ළමා අපචාර වැළැක්වීමට දිවයින පුරා ස්වෙච්ඡා මහජන බලමුළු පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය සූදානම් වනවා. ළමා අපචාරයක් යන්න හඳුනා ගැනීමේ සිට ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ගතයුතු පියවර කුමක්ද යන්න දක්වා පූර්ණ පුහුණුවක් මෙම ස්වෙච්ඡා බලමුළුව වෙත ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරීයේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක පැවසුවේ. මෙම බලමුළුව පිහිටුවීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ ඇතුළු ළමාරක්ෂණය සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර ආයතන රැසක සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ජා සිදුකෙරෙමින් පවතින බව සභාපතිනිය තවදුරටත් සඳහන් කළා.
[MP3]s54004[/MP3]