නාස්ති කිරීමට කාලයක් නැහැ. - රනිල්.

Sunday, 24 February 2013 - 7:37

%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ නීතිඥවරුන්, විද්වතුන් සහ පක්ෂයේ තරුණ සංසදයේ නියෝජිතයින්ගෙන් මෙම කමිටුව සමන්විත වන බවයි. මසකට වරක් සෑම ආසන සංවිධාකවරයෙකු සම්බන්ධයෙන්ම ඇගයීම් වාර්තාවක් මෙම කමිටුව විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිතව තිබෙනවා. පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයේදී ආසන සංවිධායකවරුන් පත් කිරීම සහ ඉවත් කිරීමේ බලයද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත පවරනු ලැබුවා.

මේ අතර, තමන්ට නාස්ති කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මාතර ඊයේ (23) පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා අවිහිංසාවාදීව සහ සටන්කාමීව ක්‍රියාකළ යුතු බවයි.
 
[MP3]s54005[/MP3]