මාලි සටන අවසන් අදියරේ. - ප්‍රංශ ජනපති.

Sunday, 24 February 2013 - 8:54

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A.+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


උතුරු මාලි රාජ්‍යයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බව ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලාන්ඞ් පවසනවා. ඒ අනුව උතුරු මාලි රාජ්‍යයේ අල්ඛයිඩා ඇතුළු අනෙකුත් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මේ වන විට මෙහෙයුම් දැඩි කර ඇති බවයි ඔහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා එම සටන් සඳහා සහාය දක්වන චැඞ් රාජ්‍යයේ හමුදාවලට ද සිය ස්තූතිය පළ කර තිබෙනවා. ඊයේ දිනයේ ඉස්ලාමීය සටන්කාමීන් සමග ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රංශ හමුදා සදහන් කළා.