රට වෙනුවෙන් ඕනැම අධිකරණයකට යන්න මම සූදානම්. - ෆොන්සේකා.

Sunday, 24 February 2013 - 8:31

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%90%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B8+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F.

ජීනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා රජය ඡන්ද විමසීමකට යා යුතු බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ ජාත්‍යන්තරය වෙනත් ප්‍රතිරූපයක් මවා පෑමට උත්සාහ කරන බවයි.

[MP3]s54014_1[/MP3]

මේ අතර, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙරටට විරුද්ධව නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත් වෙන්නේ නම් ඒ හමුවට යෑමට තමන් සූදානම් බවයි.  

[MP3]s54014_2[/MP3]

කෙසේ වෙතත්, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පසුගියදා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා සඳහන් කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට එල්ල වන  ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බවයි.

[MP3]s54014_3[/MP3]