ජිනීවා සමුළුව හෙට ඇරඹෙයි.

Sunday, 24 February 2013 - 19:00

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී හෙට මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙවර සැසිවාරය නියෝජනය කරමින් ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායම දැනටමත් ජිනීවා නුවරට ගොස් ඇති අතර එහි ප්‍රධානත්වය අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් දරනු ලබනවා. සැසිවාරයට ශ්‍රිී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

 

කෙසේ වෙතත් 20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට ලක් රජය සංශෝධන වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන බවට ප්‍රකාශ කර අවසන්. එම යෝජනාවට තම රජයේ සහය පළ කරන බව බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් පසුගිය මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ඉන්දියාවේ නිල තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.