එ.ජා.පෙ. න් සහ ජ.වි.පෙ. න් ආණ්ඩුවට චෝදනා.

Sunday, 24 February 2013 - 19:13

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජීනිවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් මේ වනවිට විවධ අදහස් පළ වනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී ජීනිවා මානව හිමිකම් කොමිසමට සහභාගි වන මෙරට නිලධාරින් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.   

[MP3]s54054_1[/MP3]

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ගියවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී පොරොන්දු වූ කරුණු තවමත් ඉටුවී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් දොස්තර ජයලත් ජයවර්ධන.

[MP3]s54054_2[/MP3]

ජාතික නිදහස් පෙරමුණද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එයට එක්වූ එම  පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක හෙට ආරම්භවන ජිනීවා සමුළුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s54054_3[/MP3]