ලෙබනනයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිවිසුමක්.

Monday, 25 February 2013 - 7:27

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ලෙබනනයේ රැකියා සඳහා පැමිණීමට දැන් කිසිදු බාධාවක් නැතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න පවසනවා. අසල්වැසි සිරියාවේ ගැටුම් උත්සන්න වීමත් සමගම පසුගියදා ලෙබනනයේ ඇතැම් ප්‍රදේශවලද ගැටුම් වාර්තා වුණා. කෙසේ වෙතත් එම ගැටුම්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි ලෙබනනයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේ. ලෙබනනයේ රැකියාවල නියුතු මෙරට ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 80 000 කට අධිකයි. ලෙබනනයේ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා එරට රජය සමග ලබන අප්‍රේල් මාසයේ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බවයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න ප්‍රකාශ කළේ.

[MP3]s54062_1[/MP3]

දැනට ලෙබනනයේ සේවය කරන ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුපද ඉහළ දමන ලෙස යෝජනාවක්ද තානාපතිවරයා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ එරට රැකියා ඒජන්සිකරුවන් වෙත ඉදිරිපත් කර තිබෙනවා. මසකට ලැබෙන ඇමරිකානු ඩොලර් 200 ක වැටුප 225 දක්වා ඉහළ දමන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. ඒ පිළිබඳවද අදහස් දැක්වූ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් ගුණරත්න.

[MP3]s54062_2[/MP3]