ජාත්‍යන්තරය ඉදිරියේ දනින් වැටීමට සූදානම් නැහැ. - රජයෙන් ප්‍රකාශයක්.

Monday, 25 February 2013 - 7:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජාත්‍යන්තර ප්‍රජාවගේ අවශ්‍යතාවයන්ට අනුව ඔවුන් ඉදිරියේ දණින් වැටීමට රටක් ලෙස සූදානම් නැති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරාත්තුවන කෙටිකාලීන හා මධ්‍යකාලීන ඉලක්කයන් රැසක් සාර්ථකව සැපිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිටත් සමත්ව ඇති බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 22 වැනි සැසිවාරය සඳහා ලක් රජයේ ඇති සූදානම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කරමින්.

[MP3]s54065[/MP3]

ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ස්විසර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.30ටයි. සැසිවාරයට ශ්‍රිී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් 20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට ලක් රජය සංශෝධන වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන බවට ප්‍රකාශ කර අවසන්. එම යෝජනාවට තම රජයේ සහය පළ කරන බව බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මීට පෙර ප්‍රකාශ කළා. එහෙත් පසුගිය මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප්‍රකාශ කළ ඉන්දියාවේ නිල තීරණය මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයද සිය නියෝජිත පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට නියමිත බව සඳහන්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අෙඩෙක්කලනාදන්, පී. අරියනේත්‍රන්, එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් 5 දෙනාගෙන් යුත් කණ්ඩායම ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.