ජර්මන් චාන්සලවරිය තුර්කියට.

Monday, 25 February 2013 - 12:57

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.



 
සිරියාවේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් තුර්කියේ නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ තුර්කියට පැමිණි ජර්මල් චාන්සලර්වරිය මෙහිදී තුර්කි ප්‍රධානීන් මෙන්ම යුරෝපා සංගම් නිලධාරීන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේදී ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 70 000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සිරියාවේ මෙහෙයුම් සඳහා යොදවා සිටින නේටෝ හමුදා සාමාජිකයින් අතරට ජර්මන් හමුදා සෙබළුන් 300 දෙනෙකුද ඇතුළත්. දැනට සිරියාවේ සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳව සහ ඊට යොදවා සිටින ජර්මනියේ යුද භටයින් සම්බන්ධයෙන්ද එරට චාන්සලර්වරිය තුර්කි බලධාරීන් සමග සාකච්ඡා කිරිමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.