ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.

Monday, 25 February 2013 - 12:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ නිසා  ඊයේ (24) රාත්‍රියේ සිට www.media.gov.lk  (ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් මීඩියා ඩොට් ජී  ඕ වී ඩොට් එල් කේ) යන වෙබ් අඩවියට පිවිසීමේදී බාධා සිදුව ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළේ.  එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විසින් මෙම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සැක කරන බව ලේකම්වරයා කියා සිටියා. මීට පෙර අවස්ථා කිහිපයකදී රජයේ වෙබ් අඩවි රැසක් මෙවැනි සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ අතර ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියද ඊට අයත්. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ වසන්ත දේශප්‍රිය කියා සිටියේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ලංවත්ම ශ්‍රී ලංකාවට එරෙහි විරුද්ධවාදීන් මෙවැනි සයිබර් ප්‍රහාරයන් සිදුකරන බවයි.

[MP3]s54090_1[/MP3]

වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයකට ලක්වන ආකාරය පිළිබඳවද තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂවරයා මෙලෙස පැහැදිළි කළා.
 
[MP3]s54090_2[/MP3]