ඇමති මෛත්‍රීපාලගේ පුතා නි. පොලිස්පතිවරයෙකුගේ පුතෙකුට පහරදීලා.

Monday, 25 February 2013 - 12:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F.


අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේනගේ පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මඩකලපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත්‍රයෙකු රෝහල් ගතකර තිබෙනවා. කල්කුඩා මුහුදු තීරයේදී ඊයේ (24) මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පහරකෑමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා මඩකලපුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කල්කුඩා පොලීසිය, පහරදුන් බවට චෝදනා එල්ලවන අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා  ඇතුලූ තවත් පුද්ගලයින් 13 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

 
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේම අත්අඩංගුවට ගත් ඇමති පුත්‍රයා ඇතුලූ පිරිස පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.  හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සඳහන් කළේ තම පුත්‍රයා සහ ඇයගේ බිරිඳ කල්කුඩා වෙරළ තීරයේ සිරි නරඹමින් සිටි අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ඇමතිවරයාගේ පුත්‍රයා විසින් තම පුත්‍රයාගේ බිරිඳගේ ඡායාරූප ගැනීමට උත්සාහ කර ඇති බවයි. පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා විසින් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයාගෙන් එය නවත්වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඉන් අනතුරුව මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.