කොළඹින් පිටත ප්‍රදේශවල ළිං ජලයට අසූචි මිශ්‍රවීමේ අවදානමක්.

Monday, 25 February 2013 - 13:02

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%96%E0%B6%A0%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුලූ කොළඹ නගර සීමාවෙන් පිටත පිහිටි ප්‍රදේශවල භූගත ජලයට මිනිස් මළ පහ එකතුවීමේ අවදානමක් ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එහි ලේකම් අමරානන්ද අබේගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම ප්‍රදේශවල ජනගහනය වැඩිවීමත් සමග නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර තිබීම මීට ප්‍රධානම හේතුව බවයි. විශේෂයෙන් ඇතැම් නිවෙස්වලට ජලය ලබාගන්නා ළිං සහ වැසිකිලි පද්ධතිය අතර දුර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයෙන් නොතිබෙන බවට ද අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නා. මේ නිසා ඉදිරියේදී එම ප්‍රදේශවල එකතුවන මිනිස් අපද්‍රව්‍ය නළ මගින් මුහුදට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැළසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

 
[MP3]s54096[/MP3]