විපක්ෂ නායකවරයාගෙන් කඩා පනින හමුදාවක්.

Monday, 25 February 2013 - 18:51

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධාකවරුන් සහ කොට්ඨාශ බල මණ්ඩල ක්‍රියාකාරකම් සොයා බැලීම සඳහා විශේෂ කඩා පනින හමුදාවක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. මැතිවරණ කොට්ඨාශවල ශාඛා සමිති ගොඩ නැගීම, සාමාජිකයන් බඳවා ගැනීම සහ අනෙකුත් දේශපාලන ක්‍රියාකාරකම් නිසි ආකාරයෙන් සිදුවනවා දැයි සොයා බැලීම මෙම කඩා පනින හමුදාවේ ප්‍රධාන කාර්යයයි. කිසිඳු දැනුම්දීමකින් තොරව ආසන සංවිධායකවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම් මෙම කඩා පනින හමුදාවෙන් සිදුවන අතර ඉන් පසු ඒ පිළිබද ඍජුවම පක්ෂ නායකවරයා වෙත වාර්තා කරනු ඇති. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ පක්ෂ නායක කාර්යාලය විසින් මෙම කඩා පනින හමුදාව මෙහෙය වන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය කිරීමට විවිධ ආකාරයේ වැඩපිළිවෙල පිළිබද අදහස් පළ කරනවා. එවැනි එක් අදහසක් පළ වූයේ ඊයේ (24) මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී. එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා පළ කළේ මෙවන් අදහසක්.
 
[MP3]s54110[/MP3]