මුළු ලොවම ශ්‍රී ලංකාව දෙස බලා සිටිනවා. - බ්‍රිතාන්‍යය.

Monday, 25 February 2013 - 19:05

%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%83+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට අද (25) ආරම්භ වුණා.  ඒ අනුව ආරම්භක සැසිය මේ වනවිට පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට අවසන් වනු ඇති. දැන් ආරම්භ වී ඇති සැසි වාරයට එක්වෙමින් එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය බැරනස් සයිඩා වර්ෂි අදහස් දක්වමින් කියා සිටියේ මුළු ලොවම ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් සිටින බවයි.

[MP3]s54112[/MP3]

මේ අතර, එම සමුළුව අමතමින් ජගත් මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදල් පිල්ලේ කියා සිටියේ ශ්‍රී ලංකාව සහ ඉරානයේ මානව හිිමිකම් පිළිබද සතුටුදායක තත්ත්වයක් නොමැති බවයි.

මානව හිමිකම් සමුළුවේ ඉහළ පෙලේ සැසිවාරය 27 වැනි බදාදා ආරම්භවනවා. එහිදී ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරන අමාත්‍ය මහින්ද සමරසිංහ සමුළුව ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් ලබන බදාදා පස්වරු 4.20 ට අමාත්‍ය මහින්ද සමරසිංහ සමුළුව අමතන අතර එහිදී පශ්චාත් යුධ සමයේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරයන් පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති. මීට අමතරව, පසුගිය ජිනීවා මානව හිමිකම් සැසියේදී ලක් රජයට ලබා දුන් පොරොන්දු ඉටු කර ඇති ආකාරය ද අමාත්‍ය මහින්ද සමරසිංහ සිය දේශනය මගින් පෙන්වා දීමට නියමිතයි.

ඒ අනුව මෙම සමුළුවට සහභාගිවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ අද (25) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුවට සහභාගිවීම සඳහා අමාත්‍ය මහින්ද සමරසිංහට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් තුන්දෙනෙකු සහභාගිවන අතර ඔවුන් ද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා එය නියෝජනය කරමින් ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති රවීනාත් ආරියසිංහ ද ඊට සම්බන්ධවීමට නියමිතව තිබෙනවා.

මෙම සැසිවාරයේදී ශ්‍රිී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා දෙකක් ලබන මාර්තු 15 වැනිදා සහ 20 වැනිදා සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් 20 වැනිදා ඉදිරිපත් කෙරෙන වාර්තාවට ලක් රජය සංශෝධන වාර්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඇමරිකාව, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන බවට ප්‍රකාශ කර අවසන්. එම යෝජනාවට තම රජයේ සහය පළ කරන බව බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මීට පෙර ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රි ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට සහය පළ කරන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. ඊට අදාළ සහතිකය ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං විසින් එරට පාර්ලිමේන්තුව වෙත ලබාදී ඇති බව එරට අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය භාර අමාත්‍යවරයා වූ   නාරායන් ස්වාමි ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වුවත් දෙමළ ජාතික සන්ධානයද සිය නියෝජිත පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට නියමිත බව සඳහන්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛක්කලනාදන්, පී. අරියනේත්‍රන්, එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් 5 දෙනාගෙන් යුත් කණ්ඩායම ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.