සුව ඇමති පුත්‍රයාගේ පහරදීම ගැන දෙපාර්ශවයම 4 වැනිදා අධිකරණයට.

Tuesday, 26 February 2013 - 7:48

%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B6%B8+4+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.


මඩකලපුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේල වෛද්‍යලංකාරට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම ලබන 04 වැනිදා වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා ඇතුලූ පිරිසක් විසින් පෙරේදා (24) පස්වරුවේ පාසිකුඩා වෙරළ තීරයේ දී මෙම පහරදීම සිදුකළ බවටයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිස පෙරේදා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ඇප මත ඊයේ (25) අලූයම මුදා හැර තිබුණා. මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යලංකාර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.