නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ප්‍රහාරය යොමු කරයි.

Tuesday, 26 February 2013 - 7:52

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22 වන සැසි වාරය ජිනිවා නුවර දී ඊයේ (25) ආරම්භ වුණා. සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රකාශ කළේ මෙරට යුද්ධයේ දී දැවැන්ත මානව හිමිකම් උල්ලංගණයවීම් සිදුව ඇති බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහි ඇගේ ප්‍රහාරය දියත් කෙරුණේ ලොව අර්බුද පැවැති තවත් රටවල් රැසක් ඊට එක් කර ගනිමින්. එහිදී ඇය කියා සිටියේ රටවල් රැසක විධාන බලය සහිත බොහෝ දෙනා බරපතල අපරාධ සහ මානව හිමිකම් උල්ලංගණය කිරීම් වලට දඩුවම් නොලබා නීතියේ රැහැනින් මිදී සිටින බවයි. එහිදී ඇය රුවන්ඩාව, බොස්නියාව, පලස්තීන ප්‍රදේශ, කොංගෝව, මාලි, සුඩානය සහ සිරියාව ද විවේචනය කළ අතර, ඉරාකයේ සහ ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් සිදුව ඇති බවට චෝදනා කළා.