ආයුර්වේද කොම. ට එල්ල වූ ඇසිඞ් ප්‍රහාරය ගැන සොයන්න රහස් පොලීසියට.

Tuesday, 26 February 2013 - 8:05

%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8.+%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලීසියේ සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ අනුරාධපුරය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධනගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින්. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දුරකථන සමාගම්වල ජාල පරීක්ෂා කිරීමේ අධිකරණ නියෝගයක් ද පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සමග විශේෂ සබඳතා පැවැත්වූ පුද්ගලයන් හා ඔහුගේ නිවසට නිරන්තරයෙන් ආ ගිය පුද්ගලයන්ගෙන් මේ වන විට අනුරාධපුරය මූලස්ථානය පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුගිය දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්ධිකා මාරපන අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, ඇසිඞ් ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාල ලැබූ උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබනවා.