පාසල් ධාවන තරඟයකදී තවත් සිසුවියක් මිය යයි.

Tuesday, 26 February 2013 - 18:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


නිසි අධ්‍යාපනය යනු දැනුම, කුසලතා, ආකල්ප  යන ත්‍රිත්වයේ සම සංකලනයක්. පාසල් නිවාසාන්තර මළල ක්‍රීඩා තරඟ පැවැත්වෙන්නේ දරුවන්ගේ කුසලතා වර්ධනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින්. කෙසේ වෙතත් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 5000 ධාවන තරඟයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ රෝගාතුරවී මියගිය සිසුවියක් පිළිබඳව අවාසනාවන්ත පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තාවුණේ මාවනැල්ල අරණායක - රිවිසඳ ජාතික පාසලෙන්.

මීටර් 5000 බාලිකා තරඟයට සහභාගි වූ 18 හැවිරිදි හෂිණි අනූෂා කුමාරි සිසුවිය හදිසියේම ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ඇතුළත් කෙරුණේ මාවනැල්ල රෝහලටයි. එහෙත් ඇයගේ ජීවිතය බේරාගැනීමට හැකිවූයේ නැහැ. අරණායක - රනාල නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි අනූෂාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව අරණායක රිවිසඳ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති මොහොමඞ් සගරියා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කලා. ඔහු කියා සිටියේ  මෙම සිසුවියට යම්කිසි රෝගාබාධයක් තිබුණේද යන්න පිළිබඳව තමන් නොදන්නා බවයි.


[MP3]s54172_1[/MP3]            

මීට පෙර හලාවත ආනන්ද ජාතික පාසලේ සිසුවියක් ද නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟය සඳහා එක්ව සිටියදි හදිසියේ රෝගාතුරවී ජීවිතක්‍ෂයට පත් වුණා. ඒ ජනවාරි මස 31 වැනිදායි. පාසල් වේලාවෙන් පසු ක්‍රීඩා පුහුණුවීම් අතරතුර රෝගීවී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මොරටුමුල්ල විල්ලෝරාවත්ත - ඥානේෂ්වර බෞද්ධ විද්‍යාලයේ සිසුවියක්ද පසුගිය 18 වැනිදා ජීවිතක්‍ෂයට පත්වුණා.

මෙවැනි සිද්ධීන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ දරුවන් ක්‍රීඩා තරඟ සඳහා යොමු කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.

[MP3]s54172_2[/MP3]