දිඹුලාගල වනයේ වෙඩි හුවමාරුවක්. කොල්ලකරුවන් 2 ක් මරුට.

Tuesday, 26 February 2013 - 18:56

%E0%B6%AF%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මෝටර් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් සහ ආරක්ෂක අංශ අතර දිඹුලාගල වනයේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවන් දෙදෙනෙකු අද පස්වරුවේ ජීවිතක්‍ෂයට පත්වුණා. තවත් සැකකරුවෙකු සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

අද උදෑසන පූනානි ප්‍රදේශයෙන් මෝටර් රථය පැහැරගත් මෙම සැකකරුවන් පිළිබඳව පැමිණිල්ල ලැබී ඇත්තේ වාකරේ පොලිස් ස්ථානයටයි. ඔවුන්ගෙන් එක් අයෙකු මෝටර් රථයද රැගෙන දිඹුලාගල දළුකාන මාර්ගය ඔස්සේ  පලායමින් සිටි අතර ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරු මත  මඩකලපුව හන්දිය හමුදා මුර පොලේදී මෝටර් රථය ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමට සූදානම් වුණා. එහෙත් එහි සිටි පුද්ගලයා එය නවතා නැහැ. අනතුරුව ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඔහු යටත් කරගැනීමට සමත්වුණා. එහිදී මෝටර් රථයේ තිබී ටී 56 ගිනි අවියක් ද පොලීසිය සොයාගත්තා.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා දිඹුලාගල වනයේ සැගවී සිටින බවයි. ඔවුන් සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කළ අතර ඊට අත්අඩංගුවට ගත් සැකකරුද සහභාගි කරගත්තා. සෝදිසි මෙහෙයුම අතරතුර සැඟව සිටි සැකකරුවන් පොලීසිය දෙසට වෙඩි තැබූ අතර අනතුරුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර මගපෙන්වීමට පැමිණි අත්අඩංගුවට ගත් සැකකරු පලාගොස් තිබෙනවා. පසුව සිදුකල සෝදිසියකදී මියගිය සැකකරුවන් ළඟ තිබී ටී 56 ගිනි අවියක් සහ අත්බෝම්බ 3 ක් සොයාගත්තා. මෙහෙයුම හේතුවෙන් දිඹුලාගල - මහියංගණය මාර්ගයද තාවකාලිකව වසා දැමුණා.

මෙහෙයුමට දැක්වූ දායකත්වය පිළිබඳව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මෙලෙස කරුණු පැහැදිළි කළා.
 
[MP3]s54173[/MP3]