එජාපය පැය 48 ගැන ප්‍රශ්න කරයි.

Tuesday, 26 February 2013 - 19:28

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේනගේ පුතු ඇතුලූ කණ්ඩායමක් විසින් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන අධිකරණයට පොලීසිය අද කරුණු වාර්තාකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම මාර්තු මස 4 වැනිදා වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන රවී වෛද්‍යාලංකාරගේ පුතුට පෙරේදා මෙම පහරදීම සිදු වුණේ මඩකලපුව - පාසිකුඩා වෙරළ තීරයේදියි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේනගේ පුතු ඇතුලූ 13 දෙනෙකු ඊයේ පොලිස් ඇප මත මුදා හැරුණා. මේ වනවිට පහරකෑමට ලක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතු වන අසේල වෛද්‍යාලංකාර ප්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි. ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් අද හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිළි කිරීමක් කළා.

[MP3]s54179_1[/MP3]                                     

තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද ඔහු එහිදී අදහස් දක්වා සිටියා.

[MP3]s54179_2[/MP3]                                     

මේ අතර කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදීද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළවුණා. එහිදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ ස්වාධීන පොලිස් කොමිසම ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

[MP3]s54179_3[/MP3]