ගාල්ලේ 5 දෙනෙකුට මරණ දඬුවම.

Wednesday, 27 February 2013 - 18:41

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.


1998 වසරේදී ගාල්ල - නාගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ සැකකරුවන් 5 දෙනෙකුට අද ගාල්ල පළාත්බද මහාධිකරණය මරණ දඩුවම නියම කළා. දකුණු පළාත්බද මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගමයි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. 1998 වසරේ ඔක්තෝම්බර් 23 වැනිදා නාගොඩ - වලකුඹුර ප්‍රදේශයේදී කේ. එච්. ගිරිගෝරිස් නැමති 65 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම නිසා ඉන් සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories