ඇමති බැසිල් නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට.

Thursday, 28 February 2013 - 7:26

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පුරප්පාඩු පැවතියා. එම තනතුර සඳහායි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පත්කර ඇත්තේ.

 
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පත්කර තිබෙනවා. ඊයේ (27) පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පත්කිරීම සිදුවුණා. හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ආනන්ද දසනායක අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ධුරය සඳහායි අමාත්‍ය කුමාර වෙල්ගම පත්කර ඇත්තේ.