ශ්‍රී ලංකාව සතුරෙකු නොවේ. ඉන්දියාව කියයි.

Thursday, 28 February 2013 - 7:30

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස හැඳින්වීමෙන් වළකින්නැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් එරට පාර්ලිමේන්තුවේදී තමිල්නාඩු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ ඉන්දීය රාජ්‍ය සභාවේදී විවාදයක් පැවැත්වුණා. 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක නොකිරීම සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බව පවසමින් තමිල්නාඩු මන්ත්‍රීවරුන් එහිදී විරෝධය පළ කර තිබෙනවා. එම අවස්ථාවේදියි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මේ බව සඳහන් කර ඇත්තේ.

[MP3]s54260_1[/MP3]

කෙසේ වෙතත් මෙහිදී තමිල්නාඩු මන්ත්‍රීවරුන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වන බවට ඉන්දීය රජය ලබාදිය යුතු සහතිකය කුමක්ද යන්නයි. මේ එම අවස්ථාවේදී පිළිතුරු ලබාදුන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා.
 
 [MP3]s54260_2[/MP3]