හලාල් ගැටයට රැවටෙන්න එපා බොදුබල සේනා රජයට කියයි.

Thursday, 28 February 2013 - 8:00

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

හලාල් සහතිකය ලබාදීමේ වගකීම රජය විසින් භාර නොගත යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් මේ බව සඳහන් කළේ  ජාතික හෙළ උරුමය විසින් සම්පාදිත හලාල් ඇත්ත සහ නැත්ත යන කෘතිය ඊයේ කොළඹදී එළිදක්වමින්.

[MP3]s54265_1[/MP3]

එහිදී වැඩිදුරටත් උන්වහන්සේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ජමියතුල් උලමා සංවිධානය ඉස්ලාම් භක්තිකයන්ද රවටමින් සිටින බවයි.

[MP3]s54265_2[/MP3]

මේ අතර  හලාල් සහතිකය ලබාදීම රජය විසින් සිදුකළ යුතු බවට ප්‍රකාශ කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින් පිරිසක් ඊයේ මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණියා. එහිදී ඔවුන් පළමුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවා. ඉන් අනතුරුව උලමා සභාවේ නියෝජිතයන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන්.

[MP3]s54265_3[/MP3]

 මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ හලාල් සහතික අංශයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර්.

[MP3]s54265_4[/MP3]                                            
 

කෙසේ වෙතත් උලමා සභාවේ යෝජනාවට හසු නොවන ලෙසයි බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්  මේ බව සඳහන් කළා.

[MP3]s54265_5[/MP3]