ඇමති සමරසිංහගේ ජිනීවා ප්‍රකාශයට එජාපයෙන් සහ ජවිපෙන් විරෝධය.

Thursday, 28 February 2013 - 12:52

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.


ජිනීවා නුවර පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී අමාත්‍ය මහින්ද සමරසිංහ මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රාජතාන්ත්‍රික ප්‍රකාශයක් නොවන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසනවා. ඊයේ සිය දේශනය පවත්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කර සිටියේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන්පිල්ලේ වගකීමකින් තොරව කටයුතු කරන බවයි. එමෙන්ම මානව හිමිකම් කොමසාරිස්වරිය රහසිගත න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

[MP3]s54282_1[/MP3]

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නොමැති බවයි. ඒ පිලිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග.

[MP3]s54282_2[/MP3]

 මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද ප්‍රතිචාර දක්වා සිටියා. රහසිගත න්‍යාය පත්‍රයක් තිබුණේ නම් එය මීට පෙර රජය එය නොදැන සිටියේ මන්ද යන්නයි.

[MP3]s54282_3[/MP3]