නව ජල නළ එලීමක් හේතුවෙන් හෙට (02) දින පැය 12 ක කාලයක් කොටුව සහ පිටකොටුව ඇතුළු තදාසන්න ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මාලිගාවත්ත නිවාස යෝජනා ක්රමය, මහරුෆ් ජල ටැංකියෙන් ජලය සැපයෙන ප්රදේශ, හල්ෆ්ඩ්රොප් පාර, පංචිකාවත්ත සහ ඊට සම්බන්ධිත සියලූ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව ගාලූ පාරේ බම්බලපිටිය හන්දියේ සිට කොල්ලූපිටිය හන්දිය දක්වා සහ ඊට සම්බන්ධිත අතුරු මාර්ගවලද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.