සංචාරක වීසා මගින් රැකියා කරන විදේශිකයන් ඇල්ලීමට මහජන සහය.

Friday, 01 March 2013 - 12:36

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

සංචාරක වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ රැකියාවල සහ ව්‍යාපාර කටයුතුවල නිරත වන විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා කියා සිටියේ මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

[MP3]s54350_1[/MP3]

පසුගිය සතිය තුළ පමණක් සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ නොයෙකුත් රැකියාවල සහ ව්‍යාපාර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 23 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම     23 දෙනා අතර ඉන්දීය ජාතිකයන් 09 දෙනෙකු, ඉතාලි ජාතිකයින් 05 දෙනෙකු, රුසියානු ජාතිකයන් 05 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයන් 04 දෙනෙකු සිටිනවා. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ මෙරටට මෙලෙස සංචාරක වීසා ලබාගෙන රැකියාවල නිරත වන පිරිස් අතර චීන ජාතිකයින්ද සිටින බවයි.

කෙසේ වෙතත්, පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ අස්වනු නෙලීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ශ්‍රමිකයන් මෙරට නොමැතිවීමේ ගැටළුවක් මතුව ඇති හෙයින් ඒ සඳහා විදේශ ශ්‍රමිකයන් අවශ්‍ය වන බවයි. සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයින් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

[MP3]s54350_2[/MP3]