ඉන්දියාව තමන් වෙත පොරොන්දුවක් ලබා දෙන්නේ නම් ජාතික ගැටළුව සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වීම පිළිබඳව සලකා බැලිය හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. කොළඹ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ගැටළුව පිළිබඳ තේරීම් කාරක සභාවට සහභාගී වන ලෙස දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කළා.
[MP3]s54352[/MP3]
එම ආරාධනාව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රජය සමග සාකච්ජා කිරීමේදී විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අවශ්‍ය බවයි. ඉන්දියාවෙන් එම සහතිකය ලැබෙන්නේ නම් සාකච්ජාවලට යළි පිවිසීමේ ගැටළුවක් නොමැති බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, මේ වනවිට තම පක්ෂයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම ජීනිවා හි සංචාරයක නිරත වන බැවින් ඔවුන් දිවයිනට පැමිණි විගස මේ පිළිබඳ සාකච්ජා කර අවසන් තීරණයක් ගන්නා බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.