ඍජුව කතා කරන්න - ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහ ඇමරිකාවට කියයි.

Friday, 01 March 2013 - 12:43

%E0%B6%8D%E0%B6%A2%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


මෙරට යුද්ධයේ අවසන් සමයේදී ජගත් සංවිධාන ක්‍රියාකාරකම් පිළිබඳ අන්තර්වාර ඇගයීම් කමිටු වාර්තාව නිකුත් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රසාදය පළ කර තිබෙනවා. මානව හිමිකම් සමුළුව වෙත ඇය තමාගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළේ ඊයේ (28) දිනයේදීයි. මෙරට යුද සමයේදී ජගත් සංවිධානය පාර්ශවයෙන් අසමත්වීම් රැසක් පවතින බව එහි ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීම් කමිටු වාර්තාවේ සඳහන්. සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වු මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කළේ එය ජගත් සංවිධානය වෙත වැදගත් සිහි කැඳවීමක් සිදුකරන බවයි. කුමන තත්ත්වයක් යටතේ වූවද, කවර ස්ථානයකදී වූවද ජගත් සංවිධානය සහතික වී ඇති ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළ යුතු බව ඇය එහිදී අවධාරණය කළා. ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් සංවිධාන ඇගයීම් වාර්තාව සකස් කෙරුණේ මහ ලේකම් බෑන් කී මුන්ගේ ඉල්ලීමක් අනුවයි. එහිදී ජගත් සංවිධාන නියෝජිතයන්, එහි ලේකම් කාර්යාලය සහ අනුබද්ධ ආයතනය මෙරට යුද්ධය අවසන් සමයේදී කටයුතු කළ ආකාරය සොයා බැලූණා.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළේ මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ඇමරිකාව විසින් ගෙන එන නව යෝජනාව පිළිබඳ ඍජු සංවාදයක් සිදුවිය යුතු බවයි. එහිදී යෝජනාව පිළිබඳව ඍජුව සාකච්ජා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව දිරිගැන්වීම ඉන්දියාවේ අපේක්ෂාවයි. එමඟින් අවබෝධාත්මක සියල්ලන්ට එකඟවිය හැකි ප්‍රතිඵලයක් ළඟාකරගත හැකි බව ඉන්දියාව විශ්වාස කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් සඳහන් කළා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුව මැදිහත්වීමට ඉන්දියාව අපේක්ෂා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ඉන්දියාව ගරු කරන බවයි ඔහු සඳහන් කළේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහිදී ස්වාධීන පියවරක් ගෙන තිබෙනවා. ඉන්දියාව ඒ පිළිබඳ තීරණයකට එළැඹෙන්නේ කරුණු විමසා බැලීමකින් අනතුරුවයි. ඇමරිකානු යෝජනාව වෙනුවෙන් ඡුන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉන්දියාව මෙවරද සංශෝධන ඉල්ලා සිටිනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඇමරිකානු යෝජනාවේ පිටපතක් ඉන්දීය රජය වෙත යොමු කිරීමෙන් පසු එහි ඇතැම් කරුණුවලට ඉන්දියාවේ ප්‍රසාදයක් නොමැති බව එරට මාධ්‍ය ඊයේ හෙළිදරව් කළා.