විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Friday, 01 March 2013 - 12:55

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9E%E0%B7%93.%E0%B7%80%E0%B7%93.%E0%B6%A2%E0%B7%9A.+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අද (01) උදෑසන අභාවප්‍රාප්ත වුණා. පෞද්ගලික රූපවාහිණි නාළිකාවක වැඩසටහනකට සහභාගී වී සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. මියයන විට 74 වන වියේ පසුවූ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ගාල්ල - ශාන්ත අලෝෂියස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා, වෛද්‍ය වෘත්තියට ඇතුළත් වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුවයි. එංගලන්තයේදී මනෝ වෛද්‍ය පශ්චාත් උපාධිය හැදෑරීමෙන් අනතුරුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවයට එක්වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර ජනතාව අතර, ප්‍රසිද්ධියට පත්වූයේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ සමග රූපවාහිණි සාකච්ජාවලට එක්වීමෙන්. මනෝ වෛද්‍ය විද්‍යාව සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම සඳහා ඉමහත් මෙහෙයක් සිදුකළ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා.

මේ ඔහු සම්මන්ත්‍රණයකට එක්වෙමින් මානසික ශක්තිය පිළිබඳ ඔහු අදහස් පළ කර සිටියේ මෙලෙසින්.

[MP3]s54356[/MP3]