පානදුරේ මරණ, ඝාතන දෙකක් සහ දිවි නසා ගැනීමක්.

Friday, 01 March 2013 - 18:54

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%2C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

පානදුර සාගර මාවතේ පිහිටි නිවසක තිබී හමුවූ එකම පවුලේ සැමියා, බිරිද සහ මාස 8ක් වයසැති කුඩා දියණියගේ මළ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (01) සවස අවසන් කෙරුණා. ඒ, පානදුර මූලික රෝහලේ දී එය සිදුකළේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් එම්. සිවසුබ්‍රමනියම් විසින්. එහිදී හෙළි වුණේ කාන්තාව සහ කුඩා දැරිය ඝාතනය කර ඇති බව සහ පිරිමි පුද්ගලයා සිය දිවි නසාගෙන ඇති බවයි.

 

පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව කාන්තාව මිය ගොස් ඇත්තේ ගෙල ප්‍රදේශයට තියුණු කැපීම් තුවාල සිදුකිරීම හේතුවෙන්. කුඩා දියණිය හුස්ම සිර කර ඝාතනය කර ඇති බව එහිදී හෙළි වුණා. පිරිමි පුද්ගලයා ගෙල සිරකරගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුණේ. මිය ගිය කාන්තාව මාස 4ක ගැබිණියක් බව ද තහවුරු වී තිබෙනවා.

 

ඊයේ (28) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි පානදුර සාගර මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී මෙම මළ සිරුරු සොයා ගැනුණේ. පිරිමි පුද්ගලයා නිවසේ වහලයේ බාල්කය එල්ලී මිය ගොස් සිටි අතර, කාන්තාව කැපුම් තුවාල සහිතව නිවසේ පුටුවක් මත වැටී සිටියා. කුඩා දැරියගේ මළ සිරුර හමුවූයේ ඇද මත තිබියදියි. පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් විසින් නිවසේ වැසිකිලිය තුළ තිබී පිහියක් ද සොයා ගත්තා.

 



මිය ගිය පිරිමි පුද්ගලයා පුත්තලම - අට්ටවිල්ලූව ප්‍රදේශයේ පදිංචි ඉන්දික නිරෝෂ් නැමැත්තෙකු වන අතර මිය ගිය කාන්තාව මාතර - බෙලිඅත්ත - බෙලිගල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි පද්මලතා නැමැත්තියක්. මොවුන් මීට ටික කලකට පෙරයි පානදුර ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇත්තේ. මිය ගිය පිරිමි පුද්ගලයාගේ පියා සහ නැගණිය පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබාදීමට පානදුර රෝහලට පැමිණ සිටි අතර කාන්තාවගේ පියා ද රෝහලට පැමිණ සිටියා. පසුව ඔහු ක්ලාන්තගතියක් ඇතිවීම නිසා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලටම ඇතුළත් කෙරුණා.

 

කෙසේ වෙතත්, පානදුර දකුණ පොලීසියට දැනට අනාවරණය වී ඇති කරුණු අනුව අංශ කිහිපයක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ.

 
[MP3]s54372[/MP3]